මධු මල ලෙස මුදු : පෙම්වතාගේ හිත ගොලුවීම ,අත වෙව්ලීම සහ හදවත ගැස්සීම


" මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි 
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි "

ඉහත ගීතය ගයන පෙම්වතා පිළිබඳව වඩාත්ම ආසන්න නිගමනය තෝරන්න 

1. ඔහු මුසාවාද පවසන්නෙකි. පළමුව "ඔබට ලිවීම මට ඇති එකම සතුට"යැයි පවසන ඔහු අනතුරුව "කොහොම පටන්ගෙන මොනව ලියන්නද නොතේරෙන " බව පවසයි.

2. ඔහු වෘත්තියෙන් ෂෝර්ට් හෑන්ඩ් ටයිපිස්ට් කෙනෙක් හෝ මේල් සෙකට්‍රි කෙනෙකි. නිතරම උත්සාහ කරන්නේ කීමට ඇති සැමදේම කෙටියෙන් පවසන්නටය.

3. ඔහු මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටී. නිතරම හිත ගොලුවීම අත වෙව්ලීම සහ හදවත ගැස්සීම එහි අතුරු ප්‍රතිඵල වේ. පුනරුත්ථාපනයට යොමු කිරීම සුදුසුය. " සුමිත්‍රයෝ" අංකය ලබා දෙන්න.

4. ඔහු උපන්ගෙයි කම්මැලියෙකි. " ලිපියෙහි කොළයට මුහුණ යොමන විට නෙත් දෙක පියවීම " සාමාන්‍ය තත්ත්වයක් නොවේ. ගාර්ඩියන් වැනි මල්ටි විටමින් වර්ගයක් ලබා දීමට නිර්දේශ කරමි.


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment