ලංකාව ; රටක් වශයෙන් ඉදිරියට යෑම


ලංකාව රටක් වශයෙන් ඉදිරියට ගොස් ඇති අකාරය ඉතා විස්මයජනක ය.
1994 වසරේ දී වයඹදිග වෙරළ තීරයේ ධීවර ප්‍රජාව වීදි බැස සටන් වැදුණේ ඉරණවිල ප්‍රදේශයේ 'ඇමරිකන් හඬ' ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක් ඉදිකිරීමට විරෝධය පල කරමිනි. මේ සම්ප්‍රේෂණාගාරය හේතුවෙන් ප්‍රදේශවාසීන් හට සෞඛ්‍ය උවදුරු හට ගන්නා බවත් , චූල ධීවර ප්‍රජාවගේ බත සරි කරන කලපු සහ තවත් කුඩා ජල පෝෂක ප්‍රදේශ අහිමි වන බවත් පවසමින් ගෙනගිය සටන අවසන් වූයේ බෙනඩික්ට් ප්‍රනාන්දු නම් ධීවර විරෝධතාකරුවා වෙඩි උණ්ඩයකින් පරලොව ‍යෑමෙනි. 'ඇමරිකන් හඬ' නවත්වන්නට හැකි වූයේ නැත.
වසර 26 ක් ගෙවී ඇත. 2020 වර්ෂය වන විට ලංකාවේ වයඹදිග වෙරළ ධීවරයින් සටන් වදින්නේ කඩොලාන බිමක් ක්‍රීඩා පිට්ටනියක් බවට පරිවර්තනය කරගනු පිණිස ය. කඩොලාන පිළිබඳ කිසිදු තැකීමක් නැති ධීවරයෙක් ඔක්සිජන් ද අනවශ්‍ය බව පවසයි. ඇමතිවරයා කඩොලාන රකින්නට තැත් කරන වන සංරක්ෂණ නිළධාරිනියගේ උත්සාහයට අපහාසමුඛයෙන් සමච්චල් කරයි. ඒ සියලුම නොපනත්කම් මැද ඉගෙනගත් ශිල්පයට ණය නැති හුදෙකලා ගැහැනියක් යුක්තිය වෙනුවෙන් නොපැකිළිව සටන් වැදුණා ය.
නරුම මහජනතාවක් සහ කසඩ මැති ඇමතිවරුන් රැසක් මැද ජීවත් වන විට දිනෙන් දින ඉහළ යන කළකිරීම සහ ශූන්‍ය වන අපේක්ෂා අතරින් දැල්වෙන එක ම කුඩා ආලෝක පුංජය වන්නේ ඒ වන සංරක්ෂණ නිළධාරිනිය බඳු උපතින් ම පිටකොඳු ගෙනා මිනිසුන් ය.
ඒ හැරෙන්නට සැබැවින් ම මෙහෙව් රටකට ඔක්සිජන් ඕනෑ ම නැති බව හෙණ ගහන සත්‍යයකි.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Srilankans just believe anything the witty politicians say. why can't they think. may be the education system had brain wash. listen to the tutor and vomit the content at the exam.

    ReplyDelete