ඊයෙත් පැන්නට වැඩක් වුණේ නෑනේ !


වෙන්නප්පුව සීනෝර් මංසන්ධියේදී දුලක්ෂි චමෝදරී නම් එ.ජා.ප මන්ත්‍රීවරියක් පොලිස් රාජකාරියට බාධා කරමින් , තර්ජනය කරමින් අශිෂ්ඨ ලෙස හැසිරෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වේ.
මන්ත්‍රීවරුන් ශිෂ්ඨ ලෙස හැසිරීම ම ප්‍රවෘත්තියක් වන රටකට මේවා අමුතු පුවත් නොවන බව දනිමු. නමුත් වඩාත් වැදගත් වන්නේ ලාබාල එ.ජා.ප මන්ත්‍රීවරියගේ කෂඩ හැසිරීම නොව බාල සොහොයුරිය මුදා ගැනීම පිණිස පොලිසියට අභියෝග කරන මොහොතේ දී මන්ත්‍රීවරියගේ වැඩිමහළු සහෝදරියගේ මුවින් නික්මෙන එක් වැදගත් ප්‍රකාශයකි.
ඇය , එනම් එ.ජා.ප මන්ත්‍රීවරියගේ වැඩිමහළු සහෝදරිය පොලිසිය දෙසට ඇඟිලි ලෙලවමින් මෙසේ කෑ ගසන්නීය.
"මම හිතන්නේ ඇල්ලුවට අපේ දිහා අරක්කු අහු වුණේ නෑනේ. ඊයෙත් පැන්නට වැඩක් වුණේ නෑනේ. ඒක නිසා නේද මේ ?"
බලන්න ඒ වචන ටිකේ ලස්සන ! 

ඊයෙත් පැන්නට වැඩක් වුණේ නෑනේ. ඒක නිසා නේද මේ
එ.ජා.ප මන්ත්‍රීවරියගේ වැඩිමහළු සහෝදරිය පොලිසිය හොර අරක්කු අල්ලන්නට තම නිවසට පනින බව සහ ඊයේ කිසිවක් අසු නොවූ පුවත ප්‍රසිද්ධියේ පවසන්නේ තමා ගෙවල් ළඟ කඩයට ගොස් පාන් ගෙඩියක් ගෙනා බව පවසන තරම් සැහැල්ලුවෙනි.

මිත්‍රවරුනි ;
2018 වසරේ දී මහරගම නගර සභාව සඳහා පොදුජන පෙරමුණ විසින් මෝටර් සයිකලය ලකුණින් ඉදිරිපත්කරන ලද්දේ බඩල්ගම “මාමයිට් ජනපදයේ” අපේක්ෂකයන් පිරිසක් බව පවසමින් වැළලෙන්නට සැදූ අපට යහපාලන රජයේ එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් බිහි කර ඇත්තේ මෙවැනි පවුල් පසුබිම් ඇති මන්ත්‍රීවරියන් ය.
"ඊයෙත් පැන්නට වැඩක් වුණේ නෑනේ. ඒක නිසා නේද මේ ?"
බලන්න ඒ වචන ටිකේ ලස්සන !
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment