යුරේනි නොෂිකාට කොටුවේ පොඩි හාමුදුරුවන් හමුවීම



ඇය :
රූමත් බව නිසා ජනප්‍රියත්වයට පත් වන අතරවාරයේ ම ඇයගේ කෙළිලොල් සහ සැහැල්ලු හැසිරීම පමණක් නොව ඇය අඳින යට ඇඳුමේ වර්ණය පවා විනිවිද දකින සමාජය විසින් විවෘත නිග්‍රහයට ද පරිභවයට ද ලක් වන තරුණ රූමත් නිළියකි.

ඔහු :
කාන්තා ඇඳුම් පැළඳුම් ,කොණ්ඩා මෝස්තර , රූපලාවණ්‍ය කටයුතු , දරුවන් වැදීම් වැනි දෑ විවෘත ව නිග්‍රහයට ලක් කරමින් , බමුණු මත මිනුම් දඬු ලෙස ගෙන කාන්තාවගේ නූතන මුහුණුවරට ග්‍රම්‍ය ලෙස පරිභව කරන , පුද්ගලික රුචිකත්වය සහ නිදහස ට අනිසි ලෙස අත පොවන බලපෑම් සහිත කාරණා ධර්ම දේශනා ලෙසින් නවීකරණය කරගත් භික්ෂුවකි.

තරුණ රූමත් නිළියට "අද කොටුවෙ පොඩි හාමුදුරුවන් හමුවිමට ලැබුණා" යනුවෙන් පෙර කී භික්ෂුව සමග සිනහමුසු මුහුණින් ඡායාරූපයක් පල කිරීමට තරම් ප්‍රහර්ෂයක් ඉපදීම තුළින් වර්තමාන සමාජය කොයිතරම් දුරට දෘෂ්ඨිවාදී ද සහ ප්‍රතිපත්තිගරුක ද යන්න ප්‍රකාශ කරනු ඇත.
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment