දැල්පන්දුව තිලකා ජිනදාසගේ අතට

ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස තිලකා ජිනදාස මහත්මිය පත් කිරීමට බලධාරීන් තීරණය කර ඇත. වඩාත් පැහැදිලිව පවසනවා නම් ප්‍රමාද වී හෝ එම තීරණය ගන්නට බලධාරීන්ට සිදුව ඇත.
2012 වසරේ කොළඹ පැවති ආසියාතික දැල්පන්දු තරගාවලිය අවසන් මොහොතේ 47-48 ක් ලෙස සිංගප්පූරුවට පරාජය වූ මොහොතේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමට තිලකා ජිනදාස ගේ සේවය ලබා ගත යුතු බවට මතයක් පැණ නැගී තිබිණ. විශේෂයෙන්ම එම තරගයේ අවසාන කාර්තුවේදී , එනම් තීරණාත්මක මොහොතේදී තරගාවලිය පුරා GA ක්‍රීඩිකාව ලෙස ක්‍රීඩා කළ ශෂිකා සමරසිංහව පිටියෙන් ඉවතට ගැනීමේ වගකීම කිසිවෙක් විසින් හෝ භාර නොගැනීම ලංකාවේ දැල්පන්දුවේ නිරුවත හෙළි කළ සිදුවීමකි . එවන් මොහොතක 2009 වසරේ ආසියානු සූරතාව දිනූ කණ්ඩායමේ නායිකාව මෙන්ම අත්දැකීම් බහුලතම ක්‍රීඩිකාව වූ ශෂිකා සමරසිංහව ඉවත් කර තරගයේ රිද්මය බිඳ දමමින් ආදේශ කරන ලද්දේ තරගාවලියේ වැඩි කාලයක් බංකුවේ සිටි සහාය පුහුණුකාරියගේ දියණිය ය. නමුත් ඒ තීරණය එවකට ජාතික පුහුණුකාරිණිය වූ හයසින්ත් විජේරත්නගේ ද ඔස්ට්‍රේලියානු විශේෂඥ පුහුණුකාරිනිය වූ සූ බෝඩියන් ගේ ද යන්න අදටත් අබිරහසකි. අවසානයේ පරාජය අත් වූයේ ශ්‍රී ලංකාවටය.
1988 සෝල් ඔලිම්පික් උළෙලට මළල ක්‍රීඩිකාවක් ලෙස සහභාගී වෙමින් ලංකා ඉතිහාසයේ පළමු ඔලිම්පික් ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන් එක් අයෙක් ( අනෙක් ක්‍රීඩිකාව දීපිකා ෂන්මුගම් : පිහිණුම් ) ලෙස ඉතිහාසගත වූ තිලකා ජිනදාස මෙයට පෙර ද ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු තනතුර සඳහා බෘනායිහි සිට අයදුම් කළාය. ස්කයිප් හරහා ඇයව ඉන්ටර්වීව් කළ ශ්‍රී ලංකා බලධාරීන් අවසාන මොහොත වන තෙක් හිඳ සකයිප් හරහා කළ සම්මුඛ සාකච්ඡාව වලංගු නොවන බව පවසා ඇයගේ නම ඉවත් කළ බව ද සිහිපත් කළ යුතුමය.

තිලකා ජිනදාස බෘනායි දේශයේ ජාතික පුහුණුකාර ධූරය අතහැර සේවයට එන්නේ එවන් දේශයකටය.
තිලකා ; එසේ නමුත් ඔබට වඩාත් සාර්ථක අනාගත ගමනකට සුබ පතන්නෙමු.
ඔබට පෙර අත්කළ ඉරණම සහ ( අත් වූ නොව - අත් කළ ) ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ හෙළුව පිළිබඳ ලියූ යුනිකෝඩ් සහ මුද්‍රිත අකුරු අපතේ නොගිය බව සිතා සැනසෙමි. 
ජය !
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. දැල් පන්දුව තිලකා අතට! තිලකා කොයි අතටද?

    ReplyDelete