හේමන්තයේ පෙම


• Facebook සමූහයක පෝස්ටුවක්
Madara Parasathu විසින් "අපි කියවන පොත්" 

යාළුවනේ. මේ පොත ඔයාලාට මතකද ? නලින් සුධාරක සිරිවිජයබණ්ඩාර ලියපු පළවෙනිම පොතේ මුල්ම ප්‍රින්ට් එක ? මම ලඟදි අලුත් ප්‍රින්ට් එකත් දැක්කා. මේ වගේ ලස්සන නෑ. හරි පණ්ඩිත පාටයි. නලින් සුධාරකගේ දැන් පෙනුම වගේ හරියට 😂 😜 මේ පොත ලිවවා වගේ ලස්සනට ලිය ලිය හිටියා නම් කොච්චර හොඳද ? අපි ඉස්සර මේ පොත පිස්සුවෙන් වගේ බැලුවේ. ස්නේහා - ෂෙහාන් ගැන හිතලා කොච්චර නම් ඇඬුවද ? 😢ඉස්සර අපේ කෙල්ලො නලින් සුධාරක "සඳකැන්" පත්තරේට ලියන ඒවාට පිස්සු වැටිලා හිටියේ.😍😍

මේ පිටකවරෙ ඉන්න ගෑණු ළමයා වගේ වෙන්න තිබ්බා නම් කියලා ඒ කාලේ හිතුවේ මම විතරද ?

• Mesenger පණිවිඩයක් 
Tashya De Seram ගෙන් Navith Kodagoda ට

Hey, hope you are doing great.

You know what, recently an old book cover photo was shared in one of the book reading groups and accidentally noticed a familiar face. I just went through the comments and got some hints that she had been a Head Girl of a Girl's High School and so on. It was your Mom neh ?  Or someone closed to Shanthini Aunty ?

Whatsapp පණිවිඩයක්
Navith ගෙන් Dad ට

මේ ටිකේ එක්සෑම් වලට බිසී වුණා. වැකේෂන් වලට අපේ සෙට් එකම අයර්ලන්ඩ් යන්න හිතාගෙන ඉන්නේ. දැන් හොටෙල්ස් වල ඔෆර්ස් තියෙනවා. මෙහෙ ඉන්න කම්මැලියි. තාත්‍තා මේ මාසෙත් වෙද මහත්තයා ලඟට නොගිහින් ඉන්නද හදන්නේ ? සම්පූර්නෙටම හොඳ කරන්න බැරි වුනත් එයා ලඟට ගිය නිසා නේද වීල් චෙයාර් එකකින් හරි යන්න පුලුවන් උනේ ?

ඒක නෙමේ තාත්තේ ; මේ බලන්නකො. සේරම් අන්කල්ගේ දුව මට මේක එව්වේ. මේ ෆොටෝ එක අපි පොඩි කාලේ අම්මගේ ඇල්බම් එකකත් තිබ්බා වගේ මතකයි. ඒත් මම දැනන් හිටියෙ නෑනේ අම්ම පොතක කවර් එකක හිටියා කියලා. ෆේස්බුක් එකේ ඒ පොත ගැන ඩිස්කස් කරනවා. අම්මා ගැන අම්මගේ ඒ කාලේ යාළුවෝ කමෙන්ට් කරනවා 😀


• Facebook සමූහයක පෝස්ටුවක්
පුස්තක.lk විසින් "අපි කියවන පොත්" 

නලින් සුධාරක සිරිවිජයබණ්ඩාරගේ පළමු නවකතාව වන " හේමන්තයේ පෙම " කෘතියේ පළමු මුද්‍රණයේ සීමිත පිටපත් කීපයක් අප සතුව ඇත. විසිපස් වසරකට පෙර යොවුන් පරපුර ආදරයෙන් වැළඳගත් ඒ යෞවනයේ හදගැස්ම වූ නවකතාවේ ඓතිහාසික පිටපතක් හිමි කරගැනීමට ඔබටත් අවශ්‍ය නම් අපගේ www.pusthaka.lk වෙබ් අඩවිය ට පිවිස ඇණවුම් කරන්න / ඉන්බොක්ස් කරන්න. පිටපත් සීමිතයි.


• SMS පණිවිඩයක්
Shanthini ගෙන් Pradeepa Nangi ට

Will I be able to meet you any soon?
A something important has to be discussed. Could you please come in the noon after tomorrow, when ayya is not available. Till then no calls please. 


• Facebook සමූහයක පෝස්ටුවක්
K K Sridharan Maduranga විසින් "සංස්කාර" 

සිරිවිජේ එදා ලියූ "හේමන්තයේ පෙම" ගෝලීය ධනවාදයෙන් නොකිළිටි සමාජවාදී රාජ්‍යයක් බඳුය.
සිරිවිජේ අද ලියන "සංස්කාර" බහුජාතික සමාගමක වෙළඳ දැන්වීමක් මෙන් ප්‍රචාරකවාදීය.


• SMS පණිවිඩයක්
Pradeepani ගෙන් Akka ට

Akka , I have told the whole story to Loku putha. He will look after it I guess. You don't worry akka everything will be alright soon dnt argue or make any quarrels with ayya. I think you know he has such a behaviour so dnt intervene to any issues, just keep silent . Everything will be back to norm soon.


• E Mail පණිවිඩයක් 
පුස්තක.lk විසින් නිශාද් මැද්දේගම

ඔබ විසින් දැනුම්දුන් පරිදි "හේමන්තයේ පෙම" කෘතියේ අප සතුව තිබූ පිටපත් සියල්ලම , එනම් පිටපත් 34 ම ඔබ එවූ නියෝජිතයා වෙත භාරදුන් බව දන්වා සිටිමු. වෙබ් අඩවියේ සඳහන් වූ පරිදි පොත් 34 ක් සඳහා රු. 12,240/- ක් ( රු. 360/- x 34) ක් අය විය යුතු වූ නමුත් එක් පොතකට රු. 320/- බැගින් අය කිරීමට අප කළමණාකාරීත්වය විසින් උපදෙස් ලබා දුන් බව ද දන්වා සිටිමු. අය කරන ලද රු. 10,880/- ක මුදලට අදාල ලදු පත පොත් සමග එවා ඇත.

මුදල් ගෙවන ලද ගනුදෙනුකරුවන්ගේ ඇණවුම් අවලංගු කිරීම සහ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම අපගේ ව්‍යපාරයෙහි ප්‍රතිපත්ති වලට පටහැනි නමුත් ඔබ විසින් ගෙනහැර දක්වන ලද මානුෂික හේතු මත මෙම තීරණයට එළඹි බවත් මේ ගනුදෙනුවේ රහස්‍ය භාවය සුරකින ලෙසත් දන්වා සිටිමු.

පුස්තක.lk සමග ගනුදෙනු කළ ඔබට සුභ දවසක්


නිලේන්ද්‍ර සමරදිවාකර 
කළමණාකාර - අලෙවි


• SMS පණිවිඩයක්
Nishad ගෙන් Ammi ට

It's all done. Asked the security officer at the scheme to burn them. Please ask Loku Amma not to lament anymore. Everything was done smoothly so far and tell the books have already burnt


• Mesenger පණිවිඩයක් 
Sukitha Prasad ගෙන් Prasanna Dias ට 

මචං. "අපි කියවන පොත්" එකේ ඇඩ්මින්ලව උඹ දන්නවා නේද ? උන් හෙණ පොරවල් කියලා හිතං ඉන්නේ ඇයි බං ?

අර සිරිවිජේ ගේ "හේමන්තයේ පෙම" මුල් ප්‍රින්ට් එකේ කොපීස් විකුණන්න තියෙනවා කියලා පෝස්ට්ස් වගයක් තිබුණා. අපේ ඔෆිස් එකේ කෑල්ලකට ඕනේ කිව්වා එයින් එකක්. දැන් ඒ පෝස්ට් එකක්වත් නෑ. අර සචින්ත කියන ඇඩ්මින්ට මැසේජ් කළාම කියනවා "ප්‍රතිපත්තිමය හේතුවක්" මත ඩිලීට් කළාලු. අම්මයෙ රෙද්දේ ප්‍රතිපත්ති. උඹලගේ යාලුවෝ නේද උං ? උඹලා තමයි ඕකුන්ව පොර කරන්නේ. දැං ඉතිං අරකිට මම පදිරිනේ. පැනලා බාර ගත්තා ගොන් කමට

• Facebook සමූහයක පෝස්ටුවක්
Thushani Rathnayake විසින් "පුස්තක.lk" 

පුස්තක.lk හි සේවය පිළිබඳ අතිශය කළකිරීමට පත්ව සිටිමි. කලින් මුදල් ගෙවා පිටපතක් වෙන්කරවාගෙන තිබියදී "හේමන්තයේ පෙම" පොත තොග අවසන් වී ඇතැයි සිදු කරන ලද වංචාව නින්දාසහගත ය. මා මෙන්ම මෙම අත්දැකීමට මුහුණදුන් ගනුදෙනුකරුවන් කීප දෙනෙක් වේ. 

මින් ඉදිරියට ඔබගේ සේවය අපේක්ෂා නොකරමි. පුස්තක.lk හි වංචාසහගත සහ විනිවිදභාවයකින් තොර ක්‍රියාවන්වලට නොරැවටෙන්නයි ඔබ සැම දැනුවත් කරමු. 


• SMS පණිවිඩයක්
Wijesiri ගෙන් Doni ට

Ammage ekawunt ekata 5000 k damma. eken ammage beth okkoma ganna. Skeem eke sir kenek puchchanna dunna aluthma poth wagayak meheta aapu wena mahattayek dakala salli dila aran giya. e salli tamayi mama bankuwata damme. mama me sathiye gedara enne nehe. aparade bus eke salli. ena masema gedara ennam. budu saranayi.




Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

3 comments: