සීනිගම පෙරහරේ සාරි දැක්ම


පළමුවැන්නා - මොකද බං කෙල්ලේ මුං අපි දිහා කන්න වගේ බලන්නේ. උපාසක ආච්චි මේ සාරි ටික හරියට මහලා නැද්ද ?

දෙවැන්නා - අනේ මන්දා මේ සාරි ජැකට් එක නම් හරිම හිරයි අප්පා.. ඇයි අනේ වෙන කවුරුත් නැතිවටද උන්දැටම මේක දුන්නේ ? දැක්කා නේද මහන මැෂිමේ පරණ.

තුන්වැන්නා - අන්න ! අන්න ! අර මම කිව්වේ මගෙ පස්සෙන් එන බළල් ඇස් තියෙන කොල්ලෙක් ගැන .. අර .. අර .. ෂිහාන් වගේ එකෙක් ඉන්නෙ

සිව්වැන්නා - ඉඳා ! බළල් ඇස් මදිවට බලු කනුත් තියෙනවා. මේහ් බං .... ආච්චි කිව්වා නේද අපේ සාරි ටික මහන ඩිංගට පන්සලට මහලා තිව්ව පාලම් කොඩිය නැති වෙලා කියලා. පව් බං වයසක උන්දැ !!

පස්වැන්නා - ඒක ඔය කොහෙ හරි දාන්න ඇති බං . ඒක නෙමේ අනේ. උපාසක ආච්චි මේ පාර මහපු කඨින චීවරේ රේන්දයක් අල්ලල තියෙනවා දැක්කා කියලා අපේ තාත්තා කිව්වා. බොරුමයි අනේ තාත්තත් කියන්නේ 
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment