ඔබේ ආදරේ : පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු දේපළකි


"ඔබේ ආදරේ දෙවැනි පෑතිස් රජ දවසේ - ශිලා ලිපියක් වගේ" යන ගීතයට සවන් දී වඩාත්ම නිවැරදි නිගමනය කරන්න.

1. ඔබේ ආදරය මට හිමි නැත. එහි අයිතිය ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ය.

2. ඔබේ ආදරේ මා ළඟ නැත. එය මිහින්තලාව හෝ නොච්චියාගම ආශ්‍රිත පන්සලක කටාරමක් සමීපයේ තිබිය හැකිය.

3. ඔබේ ආදරය තේරුම් ගැනීම අපහසුය. පුරාවිද්‍යාව හා ඉතිහාසය හැදෑරීමේ අවශ්‍යතාවක් ඇත.

4. ඔබේ ආදරය අතිශය පූජනීය ය. මන්ද එය තේරුම් ගත් අය අතරින් බහුතරයක්ම භික්ෂූන් වහන්සේලා නිසාය.

5. ඔබේ ආදරය අනවසරයෙන් ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.







Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. එහි තේරුම ඔබෙ ආදරය මෙලො රහක් නැති ඔහේ ගෙවෙන එකක් බවයි.

    ReplyDelete