මැයි 14 : ළමුන් පැහැර ගැනීමේ චෝදනාවට විනී මැන්ඩෙලා වරදකරු වේ


1991 වසරේ අද වැනි දවසක , ළමුන් සිව්දෙනෙක් පැහැරගෙන යාමේ චෝදනාවට විනී මැන්ඩෙලා වරදකරු විය.
විනී මැන්ඩෙලා යනු අන් කවරෙක් හෝ නොව ; දකුණු අප්‍රිකානු කළු ජාතිකයින්ගේ වීරයා මෙන්ම ලෝක සම්භාවනාවට පාත්‍ර වූ අවිහිංසාවාදී මානව ක්‍රියාකරුවෙකු වූ නෙල්සන් මැන්ඩෙලා ගේ ප්‍රිය බිරිඳ ය. 1958 දී විනී මැන්ඩෙලා සමග විවාහ වූ මේ අසහාය වීරයා 1962 වසරේ සිට 1990 වසරේ පෙබරවාරිය වෙන තෙම සිරගත ව සිටි අතර ඔහු අත් නොහැර ශක්තියක් වන්නට විනී මැන්ඩෙලා සමත් විය. "Mother of Africa" හෙවත් "අප්‍රිකාවේ මාතාව " ලෙසින් ඇයව හඳුන්වන්නට තරම් රට වැසියන් විනී මැන්ඩෙලාගේ කැපවීම සහ ධෛර්යමත් භාවය ඇගයූහ.
මහා පුරුෂයෙකුට බිරිඳක්ව 
1988 දෙසැම්බර් මස 28 වැනිදා Orlando හි මෙතෝදිස්ත දේවගැති නිවසේ සිට Stompie Moeketsi සහ තවත් ගැටවරයින් තිදෙනෙක් පැහැර ගැනීමට ලක් විය. 14 හැවිරිදි .ස්ටොම්ෆී පොලිස් ඔත්තුකරුවෙක් යැයි පවසා රැගෙන යන විට ඔහු නිර්දෝෂි යැයි පවසන්නට යාමෙන් අනෙක් බාලවයස් කරුවන් තිදෙනාද රැගෙන යාමට පැමිණි මැරවරයින් අමතක කළේ නැත . මැන්ඩෙලා පාපන්දු සමාජයේ සාමාජිකයෙක් වන ජෙරී රිචර්ඩ්සන් සමුරායි වර්ගයී කඩුවක් ද රැගෙන ස්ටොම්ෆී සිර කළ කාමරයට ගොස් දොර වසා ගත් බව ද ඇතුළතින් ස්ටොම්ෆී ගේ මර හඬ තැලීමක් ඇසුණු බවද දිවි බේරා ගත් බාල වයස්කරුවන් ගේ සාක්ෂියේ සටහන් විය. මේ තිදෙනාට ද පහර දී මෙතෝදිස්ත දේවගැති තුමන්ගේ ලිංගික අපචාර ගැන සාක්ෂි දෙන මෙන් තරජනය කළ බව ද පසුව මුදා හැරුණු බව ද පැවසිණ. 1989 ජනවාරි 01 දා දහ හතර හැවිරිදි Stompie Moeketsi ගේ මළ සිරුර මැන්ඩෙලා ගේ නිවස අසල ප්‍රදේශයේ තිබී හමු විය. ඔහුගේ උගුර තියුණු ආයුධයකින් කපා මරා දමා තිබිණ.
නඩු විභාගය මුල සිටම නෙල්සන් මැන්ඩෙලා තම ආදරණීය බිරිඳගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් සටන් වැදිණ. නමුත් විනී මැන්ඩෙලා මෙම ඝාතනයය සහ පැහැර ගැනීම් සියල්ලම "මැන්ඩෙලා පාපන්දු සමාජයේ" සාමාජිකයින් ගේ කටයුතු යැයි පවසා අත සෝදා ගැනීමේ උත්සාහයක නිරත විය. නමුත් අවාසනාවකට මෙන් එම චූදිතයින් අතර සිටි ඇයගේ පුද්ගලික ආරක්ෂක ජෙරී රිචර්ඩ්සන් සාක්ෂි දෙමින් Stompie Moeketsi ව පැහැර ගන්නට උපදෙස් ලබා දුන්නේ විනී මැන්ඩෙලා බව පාපොච්චාරණය කළේය.
සැබෑ Stompie Moeketsi සහ Necklacing වලට නිදසුනක් 
ඝාතකයා හට මරණ දඬුවම නියම වන විට විනී මැන්ඩෙලා හට සය අවුරුදු සිර දඬුවමක් හිමි වුණේ බාලවයස් කරුවන් සිව් දෙනෙක් පැහැර ගැනීමේ චෝදනාව මතය. 1993 දී ඇපෑලක් හරහා එම සය අවුරුදු සිර දඬුවම අවුරුදු දෙකකට සහ රෑන්ඩ් 15,000 ක දඩයකට සීමා කර ගන්නා විනී මැන්ඩෙලා නිදහස් විය. ඇයට තවත් රෑන්ඩ් 15,000 ක වන්දි මුදලක් ජීවතුන් අතර සිටින පැහැර ගැනීමට ලක් වූ ගැටවරයින්ට ගෙවන ලෙස අණ කෙරිණ. ඒ අතර ඝාතකයා ගේ මරණ දඬුවම ද 19 අවුරුදු සිර දඬුවමක් ලෙස වෙනස් කෙරිණ.
1992 වසර වන විට පොලිසිය අනාවරණ කළේ විනී මැන්ඩෙලා තවත් ඝාතන දෙකකට සෘජුවම සම්බන්ධ බවයි. ඇය 1986 දි මියුසිවෙල් හි රැළියක දි කළ ප්‍රකාශය ඒ වන විටත් ජාත්‍යන්තර වශයෙන් අප්‍රසාදයට ලක් වී තිබිණ " අපගේ ගිනි පෙට්ටි වලින් සහ ටයර් වල උදව්වෙන් අපි මේ දේශය මුදා ගනිමු" යි යනුවෙන් විනී මැන්ඩෙලා අදහස් කළ විරුද්ධ වාදීන් මැඩලීමේ ක්‍රමවේදය , එනම් ගෙල වටා ටයරයක් දමා ගිනි තැබීමේ කෲර චාරිත්‍රයේ අණ දෙන්නිය ලෙස විනී මැන්ඩෙලා කෙතරම් අපකීර්තියට පත්ව තිබුණේද පැවසුවහොත් 1998 දී දකුණු අප්‍රිකානු මානව කොමිසම් වාර්තාවක් මගින් ගැටුම් සමයේ ප්‍රාදේශීය ප්‍රචණ්ඩ ක්‍රියා සහ ටයර් දමා ගිනි තැබීම් (Necklacing) බහුතරයක් මෙහෙයවන ලද්දේ ඇය විසින් බව අනාවරණය කර තිබිණ. ඒ අනුව නෙල්සන් මැන්ඩෙලා 1990 දී නිදහස ලබන විට එතෙක් දේවත්වයෙන් සැලකුම් ලබමින් සිටි ඔහුගේ බිරිඳ ජනතා අප්‍රසාදයේ ගොහොරුවටම ඇද වැටී තිබිණ.
මනුෂ්‍යත්වය උදෙසා වූ සටන පීලි පැනීම : මියුසිවෙල් ප්‍රකාශය 
1992 පොලිස් හෙළිදරව්වත් සමගම ප්‍රකාශයක් නිකුත් කළ නෙල්සන් මැන්ඩෙලා තමා විනී මැන්ඩෙලාගෙන් වෙන්වන බව ප්‍රකාශ කළ ද ඔවුන් දෙදෙනා නීතියෙන් වෙන් වන්නේ 1996 වසර තරම් පසු කාලයකදී ය. 1994 දී ජනපති ධූරයට පත් වන නෙල්සන් මැන්ඩෙලා තම බිරිඳ වෙත නියෝජ්‍ය කැබිනට් ඇමති පදවියක් ද පිරි නමයි. නමුත් 1996 දී ඇයව ධූරයෙන් නෙරපාලන්නට ඔහුට සිදු වේ.
අතීතය පුරාවටම ඇය කළ කැපකිරීම සහ ඇය ගෙන ගිය සටන කෙතරම් උදාරතර වුවද ඇයගේ අසුකාලීන හැසිරීම හරහා ඒ රශ්මි කදම්බයන් සියල්ලම සැනෙකින් වියැකී ගියේය. කලක් සුදු බලවතුන්ගේ සපත්තුවට පෑගී සිටි දකුණු අප්‍රිකානුවන් ඇයව " අප්‍රිකාවේ මාතාව" ලෙස අභිෂේක කළාය. නුමුදු 1991 වසරේ දී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු Michael S. Stegmann ඇය ගැන සඳහන් කළේ මෙපමණකි.
" ලැජ්ජාවක් නැති සහ පදනම් විරහිත බොරුකාරියක් "
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. විනී මැන්ඩෙලා පිළිබඳව මම මුලින්ම කියෙව්වේ ලංකාදීපයේ ඉන්න කාලේ ඒ පත්තරේට උබේසේකර හෙන්නායක ඇයගේ චරිත කතාව ඇසුරින්. ඒක කොටස් වශයෙන් දිර්ඝ කාලයක් එහි පළවුණා. මෙයිට ටික කාලෙකට කලින් හෙන්නායක අප අතරින් නික්ම ගියා. මට මේ සටහනත් එක්ක ඔහුව මතකයට ආවා.

    ReplyDelete
  2. මැන්ඩෙලාගෙ ජීවිත කතාව A Long Walk to Freedom පොතෙන් කොටසක් පරණ ඕලෙවල් English Literature සිලබස් එකේ තිබුණා Dark Years නමින්. විනී ගැන ඒතරම් ලොකු සඳහනක් තිබුණේ නෑ...

    ReplyDelete