ගර්ඩාය ; රෝස මල් කොහිදැයි නොසොයන


රෝස පෙති , පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මගහැරුණු උයන්දොර
ගර්ඩාය 
තවමත් රෝස මල් සුවඳ 
එදා මෙන් හඳුනන


හිම කුණාටුවක් දැක කැමැත්තෙන් අතරමං වන 
සීතලෙන් සීත වෙන - ඉදින් කම් නෑ සිතන 
කායි ය 
අඳුරු විශ්වය ඈත 
පිසාචයෙකියි දැන සිටින 
ඇසග රැඳි වීදුරු කැබලි දකින 
දැක දැකම - එ නොදන්නා සේ හිඳින 


අතුරුදන් රෝස මල් යායෙකි 
මග දෙපස වෘක වළසුන් රෑනකි 
ඈත හිමගිර මාලිගාවකි 
එක්ව විසඳිය යුතුයි පැවසෙන 
නොවිසඳුණු හරස්පද ප්‍රෙහේලිකාවකි 


කායි ය 
මිදී යන සීතලම පරම සුවයකි සිතන 
අතීතය අමතකව යන 
රෝස මල් නාඳුනන බව පවසන 
විශ්වයේ ඈත කොණ උණුසුමට ලොබ බඳින 
ඉදින් - ඇසග වීදුරු කැබලි 
රැඳෙන්නට ඉඩ හරින 


ගර්ඩාය 
රෝස මල් මතකයක 
සුවඳ පමණක් දැනෙන 
නිදහසේ දිවි ගෙවන 
ඉඳහිට උයන්දොර දකින 
සාංකාව එහිම රඳවන 
රෝස මල් කොහිදැයි නොසොය
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment