බක්මහ උදාව සහ අමිතා වැදිසිංහ


අප්‍රේල් මාසය යනු අමිතා වැදිසිංහට අතිශය කාර්යබහුල කාලවකවානුවකි.
Check list එකක් රැගෙන ගමන් කරන අමිතා ගී ගයමින් අලුත් අවුරුද්දේ වැඩ කටයුතු නිරීක්ෂණය කරන්නීය. අධීක්ෂණය කරන්නීය. ඒ මෙසේය

1. සද්දේ ඇහෙන්නේ මොකද ? 
  • බෝම්බයක් පුපුරලා ද ? 
  • වාහනයක් හැප්පිලා ද ? 
  • අවුරුද්ද ඇවිල්ල ද ? 
  • දේශපාලන රැස්වීමක් ද ?
2. කනෙයියන්ගේ රොන් සැදිලා ද ? 
  • ඔව් 
  • නැත
3. බැද්දට වැහැලා ඇත්තේ කුමන වරුසාවක් ද ? 
  • පැණි 
  • පොල් පැණි
  • අරක්කු 
  • පොල්
4. ගස් වල ගෙඩි ඉහත වැස්සට තෙමී ඇතිද ? 
  • ඔව් 
  • නැත
5. කන්ද උඩින් සඳපායන්නේ කාටද ? 
  • ලීලා ට 
  • කමලා ට 
  • චම්පා ට 
  • නයනා ට
6. ලන්ද වෙලේ පිපිලා ඇත්තේ මොනවාද ? 
  • සකුරා 
  • ඕකිඩ් ( ලා රතු පාට) 
  • ෆොගෙට් මී නොට්
  • රුක් අත්තන
7. කොහා නියමිත ස්ථානයේ සිට හඬලන්නේ ද ? 
  • ඔව් 
  • නැත
8. හඬලන කොහා කෙබඳුද ?
  • ස්වීට් කොහෙකි
  • කියුට් කොහෙකි
  • මන්ද කොහෙකි
  • ඕසම් කොහෙකි
Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. දැන් අපි මේකට උත්තර ලියන්නම ඕනද?

    ReplyDelete
    Replies
    1. අනිවා .... නැතුව කොහොමද අවුරුදු සමරන්නේ

      Delete
  2. කොකා පත්තුවෙලා... මේ කාලයේ කසීර

    ReplyDelete
  3. "කනෙයියන්ගේ රොන් සැදිලා ද?" සීන් එක තේරුනේ නැත.

    ReplyDelete