මාර්තු 17 : ද්‍රෝහී වීම සඟවා සිනාසෙන "Burst of Joy" ඡායාරූපයට නැගේ



1973 වසරේ අද වැනි දවසක පුලිට්සර් ත්‍යාගය හිමි කරගත් "Burst of Joy" ඡායාරූපය "ස්ලාවා සල් වෙදර් " (Slava Sal Veder) ගේ කැමරාවේ සනිටුහන් විය.

හෙතෙම Associated Press (AP) පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකි. එදින ,වියට්නාම යුද්ධයට මැදිව වසර පහකට අසන්න කාලයක් සිරකරුවන්ව සිටි ඇමරිකානු සෙබළුන් සියරට බලා පැමිණෙමින් සිටියහ. නිදහස ලබා එන්නේ ඇමරිකානු සෙබළුන් විසි දෙනෙක් පමණකි. නුමුදු ඔවුන් පිළි ගන්නට කැලිෆෝර්නියාහි ට්‍රවිස් වාසර සේනාංකයට රැස් වූ හිතවතුන් සහ පවුලේ සාමාජිකයින් ගණන හාරසියයකට නොඅඩුය. එහි තිබුණේ මඟුල් සිරියෙකි. 

මේ නිළ ඇඳුමෙන් සැරසී සේයාරුවට පසුපස හරවාගෙන සිටියේ ලුතිනන් කර්නල් රොබට් එල් ස්ට්‍රිම් (Robert L. Stirm) ය. සිරකාර ජීවිතයට නැවතීමේ තිත තබා එන ඔහු වෙත ආදරය සහ ප්‍රමෝදය නොසඟවා දිව එන්නේ පසළොස් හැවිරිදි වැඩිමහළු දියණිය ලොරී (Lorrie) ය. ඇය පසුපසින් බෝ (Bo) පුතුණුවන් සමග සින්ඩි (Cindy ) දියණියත් බිරිඳ ලොරෙටා (Loretta) සහ පුතු රොජර් (Roger) ය. දෝරේ ගලන සතුට සහ ආදරය කැටිවුණු මෙම මොහොත 1974 දී වසරේ විශේෂාංග ඡායාරූපය ලෙස පුලිට්සර් ත්‍යාගය දිනා ගනී. 

නමුත් Burst of Joy හෙවත් "දෝරේ ගලන ප්‍රමෝදය" පසුපස කණගාටුදායක පුවතකි. උතුරු වියට්නාමයේ වසර ගණනක් සිරකරුවෙක්ව සිටි ලුතිනන් කර්නල් රොබට් එල් ස්ට්‍රිම් ට සිය බිරිඳ ලොරෙටා ගෙන් ලියුමක් ලැබෙන්නේ ඇමරිකාවට ආපසු න්නට දින දෙකකට පෙරය. ඒ ඔහුව නිදහස් වන බව තීන්දු වූ දා ය. ලියුමෙන් කියැවෙන්නේ ලොරෙටා සහ තමන් අතර විවාහය අවසන් කිරීමටත් වෙනත් කෙනෙක් හා සරණ යාමට ඇයට අවශ්‍යව ඇති බවත් ය. සේයාරුවේ කුමක් සටහන් වුවද 1974 වසරේදී ලොරෙටා තම තීරණ්‍ය ක්‍රියාවට නංවන්නී රොබට් එල් ස්ට්‍රිම් ගේ විවාහය අවසාන කර වෙනෙකෙක් සමග සරණ බැඳේ. Burst of Joy පිළිබඳ මහපොළවේ කතාන්දරය එලෙසින් විසඳේ.

Burst of Joy සේයාරුව පුලිට්සර් ත්‍යාගය සඳහා නම් කළ පසුව එම ඡායාරූපයේ සිටින සෑම කෙනෙකුටම පිටපත බැගින් ලැබෙන්නට සලස්වා තිබිණ. ඔවුන් සියලු දෙනාම එය සැමටම පෙනෙන සේ තම නිවසේ ප්‍රදර්ශනය කළ අතර ක් අයෙක් පමණක් ඉන් වැළකී සිටියේය . ඔහු වසර පහක් තිස්සේ උතුරු වියට්නාමයේ සිරකරුවෙකුව සිටි පැමිණි ලුතිනන් කර්නල් රොබට් එල් ස්ට්‍රිම් ය. තම තවමත් වේදනාවේ ගිල්වන බිරිඳගේ ද්‍රෝහී බව නිවස ඉදිරියේ දකීනට නොහැකියැයි ඔහු පවසා තිබිණ. 

ප්‍රමෝදය දෝරේ ගලා ගොස් තිබුණේ මිනිස් ජීවිත තුළට නොව කැමරා කාචය මතුපිටටම පමණි. අපි දකින බොහෝ ප්‍රමෝද නිමේෂයන්ද එසේ නොවෙතැයි කියන්නට කිසිවිටෙකත් නොහැකිය.






Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment