විදුලි දුම්රියේ චංචල නාදේ : සඳේ සිට සඳ තරණය නරඹන රූපා


ආතර් සී. ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ සමග එඩ්වර්ඩ් මල්ලවාරච්චිගේ ප්‍රේම කතා කියවීමේ අතුරු ප්‍රතිඵලයක් වන්නේ " විදුලි දුම්රියේ චංචල නාදේ " වැනි ගීත රචනා වීමය.

" මිනිසා පළමුව සඳ තරණය කළ
  විසිතුරු කතන්දරේ
  පුර සඳ මඩලේ සිනමා මැදුරක
  නරඹමු නිසංසලේ "

ලක්ෂ්මන් රොඩ්‍රිගෝ ට උවමනා වී ඇත්තේ පෙම්වතිය සමග හඳට යන්නටය. හඳට ගොස් බයස්කෝප් බලන්නටය.

නමුත් ඔහුට ඔතරම් දුරු කතරක් ගෙවා තනිවන පෙම්වතිය සමග "ගොළු හදවත " හෝ " ඉන්දුට මල්මිටක් " වැනි ඒවා බලන්නට උවමනාවක් ඇත්තේම නැත.

ඔහු රූපා ඉන්දුමතී ට අඬ ගසන්නේ තමා සමග "සඳ තරණය" ගැන ඩොකියුමන්‍ට්‍රියක් නැරඹීමටය.

අනේ මන්දා රූපා ... ....




Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment