වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්


ප්‍රේමයට නැකැත් නොසොයන්න. ප්‍රේමය සීසර් කර නොකලට උපදවා ගන්නට තැත් නොකරන්න. ප්‍රේමයප්‍රේමයෙන් ආතුර වූ කලෙක එයටම රිසි දිනෙක ඔබ සොයා පැමිණෙනු ඇත. බාගදා ඔබ වියපත්ව ජරපත්ව සිටින්නට හැකි නුමුදු ප්‍රේමය සදාකාලිකව ම තරුණ බැවින් ඒ කෙරෙහි සැක සංකා නොසිතන්න. ඊර්ෂ්‍යා නූපදන්න. 

ප්‍රේමයට ඇත්තේ එක් ඇඳුමක් යන අඩු තක්සේරුවෙන් මිදෙන්න. එය සතියේ දවස් හතට ඇඳුම් හතක් නොව තුන්සිය හැට පස් දවසටම ඇඳුම් එක බැගින් අඳින්නට තරම් මෝස්තරකාරීය. එබැවින් ඔබගේ රාමුවේ සිරවී ප්‍රේමය හඳුනාගන්නට උත්සාහ නොකරන්න. එහි අතුරු ප්‍රතිපලයක් ලෙස ඔබ හද දොරට වැඩි ප්‍රේමය මග හැරී යාමේ අවදානම ඔබ සතුය.

අවවාදයයි : ඔබගේ අසල්වැසියාගේ උයනේ පිපුණු පෙම් මලම ඔබ උයනේ ද පිපේවියැයි නොසිතන්න. ප්‍රේමයට දිවැස් ඇති වග ඔබ නොදන්නේදඑය කෙතරම් කාලයක් හෝ වැය කර ඔබ වෙනුවෙන් පුබුදන්නේ දෛවය ඔබට වෙන් කර ඇති ඔබගේම මල ය. කරුණාකර අන්සතු උයන්හි පිපුණු මල් සම්ග එය සංසන්දනය කර ප්‍රේමයට නිගා නොදෙන්න. 

වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් 
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ 
වසන්තේ ලපල්ලෙන් වැසි උන් කුසුම් කැන්
නටන්නේ පිපි දැන් හේමන්තයේ 

විලාපෙන් විඩා වී රැදී මං තලාවේ 
වැසි අන්ධකාරෙන් වැටි මං මුලාවේ
වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ 
ඔබෙන් නෙත් ලැබුවේ හේමන්ත කාලේ

සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ
තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
ඔබයි නෙත් සැදුයේ හේමන්තකාලේ

ගායනය     :  නන්දා මාලීනි
පද රචනය :  සුනිල් ආරියරත්න
සංගීතය     :  එච්. එම්. ජයවර්ධන


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment