නොකියාම එදා : සුප්‍රියා ගයන පශ්චාත් නූතනවාදී යශෝධරාව


වියෝව කෙතරම් දුක්සහගතදැයි වටහා ගැනීමට නම් , වසන්තා සන්දනායක ගයන " නොකියාම එදා ඇසළ මහේ හඳ ඇති පායා" මුල් සිංදුව ඇසිය යුතුය. 
සිදුහත් කුමරු යශෝධරාව අතහැර ගිය දුක ගලපාගන්නට සන්දනායකට වැය වන වෙලාව මැනිය යුතුමය.


දුකම කොයිතරම් සතුටක්දැයි වටහා ගැනීමට නම් ඔය සිංදුව සන්දනායකගේ මිණිබිරිය, සුප්‍රියා අබේසේකර ගායනා කරන විට ඇසිය යුතුය. අසා නිකම් සිටින්නේ නැතිව නැටිය යුතුය. " මහරෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා" යනුවෙන් හෙණ ජොලියෙන් අසන පශ්චාත් නූතනවාදී යශෝධරාව වටහා ගත යුතුය. සික්ස් එයිට් බීට් එකට දුක පවසන ඇයට ධනාත්මක චින්තනය ඉගැන්නුවේ කවුරුන්දැයි අසා දැන ගත යුතුය.


Share on Google Plus

About Kaseera

ලිවීම වනාහී මාගේ ප්‍රහර්ෂය යි. ලිවීම වගකීම් සහගත වුවද යුතුකමක් යැයි මා නොසිතමි. මම ලියන්නේ මා වෙනුවෙන් ම බවත් ආත්ම තෘප්තිය උදෙසා බවත් පැවසීමට හැකිය. නුමුදු ඔබ ද ඒවා කියවන බව දනිමි. එබැවින් මෙසේ පවසමි. මාගේ ප්‍රහර්ෂය උපදින්නේ ලිවීම තුළිනි.
    Blogger Comment
    Facebook Comment

1 comments: